Monday 9 September 2013

පාර්ලිමේන්තු මන්තිරියෙක් ගාල්ලේ ටවුමේ පයින් ඇවිදියි (පුදුමයි, ඒත් ඇත්තයි) - Fourth shade of September


මාතෘකාව දැක්කාම පුදුමයි නේද?

වීදුරු කළු කරපු ප්‍රාඩෝවල නැගිලා, ආරක්‍ෂකයෝ පුරෝපු ඩිෆෙන්ඩර් වලට මැද්දෙන් පාරේ දුවිලි අවුස්සාගෙන යන මන්තිරිලා දැකලා, ඒ ගැන අහලා තියෙන අපිට පාර්ලිමේන්තු මන්තිරියෙක් ගාල්ලේ ටවුමේ පයින් ඇවිදියි කිව්වාම පුදුම හිතෙන එක අහන්න දෙයක් නොවෙයි.

පුදුමයි, ඒත් ඇත්තයි! කියලා කියන්න පුළුවනි.

මං ඒ කතාව කියෙව්වේ 1970 දශකය පසුබිම් කරගෙන ලියවුණු නවකතාවකයි.

ඒ නවකතාව තමයි පාලිත ගනේවත්ත ලියූ "මාවත අබියස". දයාවංශ ජයකොඩි සමාගමේ 2009 නවකතා අත් පිටපත් තරගෙන් මුල් තැන ලැබිලා තියෙන්නේ මේ නවකතාවටයි.

දැන් මෙන්න ඒ නවකතාව ගැන ලියවුණු විචාරයක්. මේ විචාර පලවෙන්නේ 2013 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනුයි!


මහා සිංහල ලේඛක මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත "ගම් පෙරළිය", "කලියුගය" සහ "යුගාන්තය" තුන් ඈඳුතු නවකතා යනු දහනමවන ශතවර්ෂයේ අග භාගයේ සිට විසිවන ශතවර්ෂයේ මැද භාගය දක්වා සිදුවූ ලංකාවේ ග්‍රාමීය ඉහළ පැළැන්තියේ නාගරික සංක්‍රමණයත්, නාගරික ධනපති පන්තියේ වර්ධනයත් ලේඛනගත කළ අසමසම නිර්මාණ බව අවිවාදාත්මක ය.

ලාංකික ප්‍රජාවේ වැදගත් අනුඛණ්ඩයක් ලෙස විසිවන සියවසේ මැද භාගයේ විකාශනය වූ නාගරික මධ්‍යම පන්තියේ වංශකතාව ලේඛනගත කිරීම ද පෙර කී තුන් ඈඳුතු නවකතාවෙන් මාර්ටින් වික්‍රමසිංහ සිදුකළාක් හා සමාන වූ වැදගත් කටයුත්තක් බව ගුණදාස අමරසේකර පවසා ඇත.

මේ සඳහා ගුණදාස අමරසේකර ගේ සම්මාදම වූයේ "ගමනක මුල" නම් වූ නවකතාවෙන් ඇරඹී, කොටස් නමයකින් යුතුව ගලා ගොස් "ගමනක අග" නමින් අවසාන වුණු නවකතා මාලාවයි.

සමස්තයක් ලෙස ගත් කළ, "ගමනක" නවකතා මාලාව පැසසිය යුතු උත්සාහයක් වෙතත්, එහි අවසානය ළඟාවූයේ අමරසේකර ගේ පුහු දේශපාලන මතවාද පාඨකයාට බලහත්කාරයෙන් පොවන්නට තැත් කරන හුදු වාර්තාමය ප්‍රචාරකවාදී ප්‍රලාපයක් ලෙසින් වීම කනගාටුවට කරුණකි. අප හොඳින් දන්නා කාල වකවානුව පදනම් කරගත් මේ නවකථා මාලාවේ අවසාන කොටස් කිහිපයට ඔබ්බවා ඇති දේශපාලන කුණු කන්දල්වල ඒකපාක්ෂිකත්වය ගැන සලකා බලන කළ, අප නොදන්නා කාල වකවානුවක් පසුබිම් කරගෙන ලියවුණු මේ නවකථා සරණියේ මුල් කොටස් පිළිබඳව ද සාධාරණ සැකයක් ඇතිවීම වැළකිය නොහැක.

පාලිත ගනේවත්ත 2009 දී ලියූ "මාවත අබියස" නවකතාව පිළිබඳ කතිකාවතක යෙදීම වැදගත් වන්නේ මේ පසුබිම තුළයි.

කවියෙක්, කෙටිකතාකරුවෙක්, රුසියන් භාෂා පරිවර්තකයෙක් සහ ගුවන් විදුලි නිෂ්පාදකවරයෙක් ලෙස අප හඳුනන ආචාර්ය පාලිත ගනේවත්ත සිය පළමුවෙනි නවකතාව වූ "ඇවිත් නොරටක" ලියා පළකළේ වසර 2006 දී ය. එහිදී පාලිත ගනේවත්ත සාකච්ඡාවට ලක් කළේ ලංකාවේ සිට පිටරටකට පැමිණ පදිංචි වුණු පවුලකට සිය සංක්‍රමණික ජීවිතයේ මුහුණ දිමට සිදුවූ ගැටලු සමුදායයි. ඔහු විසින් රචනා වී ඇති කෙටිකතාවලින් බහුතරයද මේ පසුබිම ඇතුව කෙරුණු නිර්මාණ විය.

සිය දෙවන නවකතාව වන "මාවත අබියස" තුළින් පාලිත ගනේවත්ත අපේ අවධානය යොමු කරවන්නේ පෙර සඳහන් ලාංකීය මධ්‍යම පන්තියේ එක් අනුඛණ්ඩයක් වූ ප්‍රාදේශීය නගරාසන්නව වෙසෙනමුත් ගම හා තවදුරටත් සම්බන්ධතාවය පවත්වාගෙන යන, රජයේ සේවයේ වැටුපෙන් යැපෙන, ලාංකික පහළ මධ්‍යම පන්තියේ බොහෝ දුරට දුක්බර වූ වංශකතාව වෙතටයි.

මේ ජන කොටසේ ජීවිතය නාගරික ලූම්පන් පන්තියේ ජීවිතය තරම් ගොරහැඩි නොවේ. ඒ සමගම, ගම්බදව වෙසෙන අඳ ගොවි පන්තියේ ජීවිතය තරම් ශෝකාකූල ද නොවේ. මොවුනට තරමක හෝ නිශ්චල දේපල හිමිය. ස්ථිර ආදායම් මාර්ග ඇත. බලාපොරොත්තු විය හැකි පරිද්දෙන්ම මේ පහළ මධ්‍යම පන්තියේ ජීවිතවල ප්‍රධාන ප්‍රශ්න වන්නේ දරුවන් ගේ ඉගෙනීම, ඔවුන් ගේ අනාගතය වැනි සුළු ධනේශ්වර කරුණු වේ.

"මාවත අබියස" නවකතාව ගෙතී ඇත්තේ රජයේ ලිපිකරු සේවයේ නියුතු ධර්මසේන, ඔහු ගේ බිරිය ඇග්නස් සහ ඔවුන්ගේ දරුවන් සිව්දෙනාගෙන් වැඩිමහලූ දෙදෙනා වන සනත් සහ මංගලා වටා ය. දරුවන් ගේ ඉගෙනීමේ පහසුව සඳහා ප්‍රාදේශීය නගරයක් අසල කුලී නිවසක වෙසෙන දෙමව්පියන් ගේ ප්‍රශ්න, ගමේ උරුමයෙන් ඈත් වී හැදී වැඩෙන දරුවන් ගේ ලබන අධ්‍යාපනයේ මට්ටම අනුව ඔවුන්ගේ අනාගතය තීරණයවන අයුරු සහ තරුණ සමයේ ගැහැණු පිරිමි දෙපිරිසටම එක ලෙස මුහුණ දෙන්නට සිදුවන ආදරය පිළිබද ගැටලු පාලිත ගනේවත්ත ගේ සාකච්ඡාවට මෙහි දී බඳුන් වේ. තම ජීවිත ගලා යන ආකාරයේ වෙනසක් තමන්ම කිරීම අසීරු වෙතත්, අවසාන විග්‍රහයේ දී වැදගත්වනුයේ පවුල් ඒකකයේ සමගිය සහ එකමුතුව බව කියාපාමින් නවකතාව කෙළවර වෙයි.

"මාවත අබියස" රචනයේ ලා පාලිත ගනේවත්ත භාවිතාකර ඇති භාෂා ශෛලිය රමණීය වේ. එය නවකතාවේ ගලා යාම පහසු කරවයි. දෙබස් සහ විස්තර වර්ණනා සුමට ය, සුගම ය. හැටේ හැත්තෑවේ දශකවල ලංකාවේ හැදී වැඩුණු අයෙකුට මේ කතාව හා සමීප සබඳතාවක් ඇතිකර ගැනීම ඉතා පහසු වේ යැයි මම සිතමි. ඒ සියලු දෙයින් ස්ඵුට වන්නේ පාලිත ගනේවත්ත ගේ සිංහල භාෂාව හැසිරවීමේ පරිණත බවයි.

"මාවත අබියස" නවකතාව ලියවී ඇත්තේ මෙහි චරිත දෙස තුන්වෙනි ඇසකින් බලමිනි. නවකතාවේ විවිධ කොටස්වලදී ඒ චරිත හතරෙන් වරින් වර ඉස්මතු වී ප්‍රධාන භූමිකාව රඟයි. පාලිත ගනේවත්ත නවකතාවේ අන්තර්ගතය ඉදිරිපත් කිරීමට උපයෝගී කොටගෙන ඇති මේ ව්‍යුහය මට සිහිපත් කළේ ජී.බී. සේනානායක ගේ නවකථා රචනා ශෛලියයි.

නවකතාවක් රචනා කරන්නෙකු තම කතා වස්තුව පාඨකයාට ඉදිරිපත් කිරීම සඳහා එකතු කර ගන්නා චරිත, සිදුවීම් සහ කරුණු බොහෝ විට තමන් විසින්ම අත්දැක ප්‍රත්‍යක්ෂ කරගත් ඒවා හෝ තමන් දුරස්ථව අත්විදි ඒවා බව නොරහසකි. ඒ අතරම, මුළුමනින්ම ප්‍රබන්ධ ලෙස සැලකිය හැකි චරිත, සිදුවීම් සහ කරුණු ද නවකථාවෙහි ලා උපයෝගී කර ගැනීමට සිදුවේ. යථාර්ථවාදී නවකතාවක් රචනා කිරීමේ දී වැදගත්වන්නේ එලෙස තමන් ගේ කෝෂ්ඨාගාරයෙන් රැගෙන එකට ඈඳන චරිත, සිදුවීම් සහ කාරණා නවකතාවේ මුඛ්‍ය පරමාර්ථය සාක්ෂාත් කරගැනීමට කෙතරම් දුරට ඉවහල්වන්නේ ද, නවකතාවේ අන්තර්ගතය ඉදිරිපත් කිරීමේදී අත්‍යවශ්‍යම අවස්ථාවලදී භාවිතා කළයුතු ප්‍රබන්ධිත චරිත, සිදුවීම් සහ කාරණා සමස්ත නවකතාවේ යථාර්ථවාදීභාවයට කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්නයි.

පාලිත ගනේවත්ත, තම "මාවත අබියස" නවකතාවේ ප්‍රධාන චරිතයක් වන සනත් ට විශ්ව විද්‍යාලය ඇතුළත් වීමත් සමගම රැකියාවක් ලබා දී, ඒ මගින්, මාසික වැටුපෙන් කුලී නිවසක දිවිගෙවන සනත් ගේ දෙමව්පියන් පොදුවේ විශ්ව විද්‍යාලයට දරුවන් ඇතුළත් වීමෙන් පසු පවුලකට විඳින්නට සිදුවන ආර්ථික ගැටලුවලින් මුදා ගනියි. ඉංජිනේරු පිටයක සිසුවෙකුට මෙලෙස සෑම සතියකට නිශ්චිත දින තුනක දිවා කාලයෙන් අඩක් බැගින් රැකියාවක් සඳහා ගත කළ හැකි තත්වයක් හැත්තෑවේ දශකයේ කටුබැද්ද මණ්ඩපයේ තිබුණේ ද, ඒ ආකාරයේ තාවකාලික රැකියා මහජන බැංකුවේ තිබුණේ ද වැනි යථාර්ථය පිළිබද ප්‍රශ්න පසෙකට දැමූවද, සනත් සහ ඔහුගේ දෙමව්පියන්ව මේ සමාජ ස්තරයේ කාටත් පොදු ආර්ථික ප්‍රශ්නවලින් ඈත් කිරීම තුළින් පෙර සඳහන් වූ ගුණදාස අමරසේකර මතු කළ මධ්‍යම පන්තියේ වංශකථාව ලේඛනගත කිරීමේ කර්තව්‍යයට සැලකිය යුතු තරමේ හානියක් සිදුවී ඇති බව පෙනේ.

ධර්මසේන සහ ඇග්නස් තමන් ගේ එක් සිහිනයක් සැබෑ කරගෙන ජීවිතයේ සැඳෑ කාලය තමන් ගේ ම නිවසක ගත කිරීම සඳහා ගම බලා යෑමත්, දෙමව්පිය උපදෙසට විරුද්ධව කටයුතු කර පසුව අනාථ වූ සිය දියණිය සහ ඇගේ දරුවාට හව්හරණය ලබා දීමට ඔවුන් ඉදිරිපත් වීමත් ”මාවත අබියස” නවකතාවේ අවසානයේ එන සංවේදී සිදුවීම් වේ. මෙමගින් පාලිත ගනේවත්ත පාඨකයා ගේ සිත තුළ මානුෂිකත්වය පිළිබඳ හැඟීම් ඉස්මතු කරවයි. ධර්මසේන හරහා එදා ගම්බදව පැවති සමාජ තත්වය පිළිබඳව කරුණු කෙටියෙන් හෝ ඉදිරිපත් කිරීමද ”මාවත අබියස” නවකතාවේ වැදගත් කොටසක් ලෙස මම දකිමි.

පනහේ හැටේ දශකවල පවුල් ජීවිතය තාත්විකව නිරුපණය කිරීම සඳහා ධර්මසේන සහ ඇග්නස් යුවලට දරුවන් සිව් දෙනෙකු ලබාදුන්නද, එයින් කනිටු දරුවන් දෙදෙනා ගේ චරිත ඉස්මතු නොකරන්නට පාලිත ගනේවත්ත තීරණය කොට ඇත. ඒ, මේ නවකතාවේ පසුව එන කොටසක දී උපයෝගී කර ගැනීමට දැයි සාධාරණ සැකයක් පාඨකයාට ඇතිවේ.

"මාවත අබියස" නවකතාවේ එන මා සිත ගත් එක් සුළු සිදුවීමක් නම්, ගාල්ලේ නගරබද මාර්ගයක් අසල බස් රථයක් එනතුරු බලා සිටින ධර්මසේන, ඒ මාර්ගයේ ඇවිදිමින් සිටින ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයානන්ද දහනායක හමුවීම සහ ඔහු සමග ඉතා කෙටි හෝ සංවාදයක යෙදීමයි. ඒ සිදුවීම, පෙර ගමන් පසු ගමන් රිය ඇතිව, ආයුධ සන්නද්ධ පොලිස්කරුවන් සහ පෞද්ගලික ආරක්ෂකයින් පිරිවරාගෙන වීදුරු අඳුරු රථවල නැගී මහමග ගමන්ගන්නා අනෙකුත් අයගේ ආරක්ෂාව ද නොතකා විදුලි වේගයෙන් යනෙන දේශපාලකයින් සිටින අද දවසේ වෙසෙන පාඨකයින්ට එදා හැත්තෑවේ දශකයේ පැවති සාමකාමී වාතාවරණය පිළිබඳ සොඳුරු ස්මරණයන් යළි සිහිපත් කරවනු නොඅනුමාන ය.

ඒ සිදුවීම හැරුණු කොට, මේ නවකතාව දිග හැරෙන හැත්තෑව දශකයේ මුල් භාගයේ ලංකාවේ සිදුවුණු කිසිදු සමාජමය සංසිද්ධියක් පාලිත ගනේවත්ත තම කෘතියට අන්තර්ග්‍රහණය කරගෙන නොමැති වීම කැපී පෙනෙයි. රටේ සිදුවූ 1971 කැරැල්ල, හදිසි නීතිය, ආහාර හිඟය වැනි පොදු සිද්ධීන් කෙසේ වුවද සනත් ගේ විශ්ව විද්‍යාල ජීවිතය හා සම්බන්ධ එවැනි සිදුවීම් සරලව හෝ ඇතුළත් කිරීමට නම් ඒ පිළිබඳව මනා අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය වෙනු ඇත.

දශක දෙකකට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසය කරන වෘත්තියෙන් ජීව විද්‍යාඥයෙකුවන ආචාර්ය පාලිත ගනේවත්ත ගේ "මාවත අබියස" නවකතාව 2009 දයාවංශ ජයකොඩි නවකථා අත්පිටපත් තරගයෙන් හොඳම නවකතාව ලෙස පිදුම් ලද කෘතියයි. එය නොරටකට ගොස් වාසය කරන සැමට ආඩම්බර විය හැකි කරුණකි.


ඒ අද පොත්-කතන්දරයයි. නැවතත් හෙට හමුවෙමු.

-කතන්දරකාරයා


62 comments:

  1. GALLE PAYIN YANNA ATHTHE, P.M.DAHANAYAKA ? PALITHA GANEWATTA KIYANNE KOHE HITAPU BUWEKDA? AHUWETH ADAI. THAWA AHANNA KOTHEKUTH PRASNA ATHATH PALAK NATHI KATHAWAK.

    ReplyDelete
    Replies
    1. පාලිත ගනේවත්ත නම් ගාල්ලේ පොරකි. රිච්මන්ඩ් සිසුවෙකි.
      ප්‍රථම උපාඨිය සහ ආචාර්ය උපාධිය රුසියාවෙනි.

      Delete
    2. කැපිටල් ඇනෝ අද එක වෙලා.
      මගේ සුබ පැතුම් ඇනෝ !!

      Delete
  2. මාතෘකාව දුටු ගමන් මට මතකයට ආවෙ දහනායක උන්නහෙව.
    හොද දීර්ග විග්‍රහයක්.

    ReplyDelete
    Replies
    1. මේක සඟරාවකට ලියපු ලිපියක්.

      Delete
    2. දහනායක උන්නැහේ ගැන කතා බොහොමයි. සමහරක් ප්‍රසිද්ධයි. සමහරක් අප්‍රසිද්ධයි. කාන්තා පක්ෂය ගැන වැඩි උනන්දුවක් නොතිබුණු දහනායක කවදාවත් විවාහ වුණේ නැහැ. යූ. ඒ. එස්. පෙරෙරා (සිරි අයියා), එඩ්වින් ආරියදාස වාගේම කොලු ගැටවුන් ටිකක් එක්ක තමයි ගෙදර/නවාතැන බෙදා ගත්තේ. එක දවසක් තාවකාලික නවාතැනකදි කොල්ලෙක් දහනායකගේ සරම ඇඳගෙන ගිහිල්ලා. මන්ත්‍රීතුමාට අඳින්න දෙයක් නැතුව බෙඩ් ෂීට් එක ඇඳගෙන පාර්ලිමේන්තු ගියාලු.

      Delete
    3. දහනායක ගේ නේද?
      ආරියදාසත් ගේ වගේ?

      Delete
  3. ඔය කියන පොත කියවලා නෑ. කතන්දරගෙන්වත් ඉල්ලගෙන කියවලා බලන්ට ඕනි.:)

    කතුවරයා දක්ෂයෙක් වගේම, නොරටක සිංහල සමාජයට වැඩ ගොඩක් කරන කෙනෙක් බව පේනව...හරියට අපේ කකා වගේම...:D

    ReplyDelete
    Replies
    1. ලිපිනය එවන්න පොත තැපෑලේ එවන්නම්. නැතිනම් දයාවංශ ජයකොඩි එකෙන් ගන්න (හෝ කප්රුකෙන් ඕඩර් කරන්න හැකි වේවි).

      මෙන්න කතන්දරකාරයා ගේ සමාජ සේවයෙන් බිඳක් මෙන්න.
      http://kathandara.blogspot.com/2011/04/blogging-as-social-service-for.html

      !

      Delete
  4. මෑත පළවන බොහෝ සිංහල නවකතා කියැවීම නීරස කටයුත්තක් වන්නේ ඒවාට පාදක වන්නේ බොහෝ විට ලේඛකයාගේ පෞද්ගලික අත්දැකීම් පමණක් හෙයිනි. උදාහරණයක් හැටියට පාලිත ගනේවත්ත සිය පළමුවෙනි නවකතාව වූ "ඇවිත් නොරටක" තුළින් හෙළි කරන්නේ ඔහුගේම කතාව විය හැකිය. (මෙය මම කියවා නැත්තෙමි.) ලේඛකයකු තමන්ගේම අත්දැකීම් ඇසුරින් නවකතා ලිවීම වැරදි නැත. නමුත් ඒ අත්දැකීම් සුවිශේෂී විය යුතුය. එසේ නැතිනම් මේ නවකතාද හැම බ්ලොග්කරුවාම තම ගැටවර වියේදී බඩු දා ගත්තු බූට් කෑ හැටි ගැන ලියූ කතා වලට සම වේ. දෙවන නවකතාවේ ගනේවත්ත මේ බාධකය කෙසේ ජය ගෙන ඇද්ද නොදනිමි. එසේ වෙතත් ලංකාවේ පහළ මධ්‍යම පංතියේ ලිපිකරුවාගේ කතන්දරය නම් අපට කිසිසේත්ම අමුතු එකක් නොවේ. ඔන්න වැසිකිළි ශෝධකයකුගේ කතාව කිව්වා නම් එය අමුතු දෙයක් වේ. එසේම අමු කපටියකු වූ දහනායක ගාල්ලේ කොටුවේ ඇවිදීමද මහා ලොකු මැජික් නොවේ. ඡන්ද කඩා ගැනීමට දහනායක ඔයිට වඩා සෝබන වැඩ කළේය.

    ReplyDelete
    Replies
    1. නවකතාවක් රචනා කරන්නෙකු තම කතා වස්තුව පාඨකයාට ඉදිරිපත් කිරීම සඳහා එකතු කර ගන්නා චරිත, සිදුවීම් සහ කරුණු බොහෝ විට තමන් විසින්ම අත්දැක ප්‍රත්‍යක්ෂ කරගත් ඒවා හෝ තමන් දුරස්ථව අත්විදි ඒවා බව නොරහසකි. ඒ අතරම, මුළුමනින්ම ප්‍රබන්ධ ලෙස සැලකිය හැකි චරිත, සිදුවීම් සහ කරුණු ද නවකථාවෙහි ලා උපයෝගී කර ගැනීමට සිදුවේ. යථාර්ථවාදී නවකතාවක් රචනා කිරීමේ දී වැදගත්වන්නේ එලෙස තමන් ගේ කෝෂ්ඨාගාරයෙන් රැගෙන එකට ඈඳන චරිත, සිදුවීම් සහ කාරණා නවකතාවේ මුඛ්‍ය පරමාර්ථය සාක්ෂාත් කරගැනීමට කෙතරම් දුරට ඉවහල්වන්නේ ද, නවකතාවේ අන්තර්ගතය ඉදිරිපත් කිරීමේදී අත්‍යවශ්‍යම අවස්ථාවලදී භාවිතා කළයුතු ප්‍රබන්ධිත චරිත, සිදුවීම් සහ කාරණා සමස්ත නවකතාවේ යථාර්ථවාදීභාවයට කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්නයි.

      Delete
    2. අත්දැකීම් සුවිශේෂි වියයුතුයි කියන එක හරි. දැන් තියන බොහොමයක් පොත්වල තියෙන්නෙ සාමාන්‍ය අපි අහල තියන දේවල්ම තමයි. පොත් දෙතුන්සීයක් කියෙව්වම ඊලඟඑක වෙනසක් දැනෙන්නෙ නෑ.

      Delete
    3. මේ නිසාම මම සිංහල නවකතා කියැවීම අත ඇරලා තියෙන්නේ. නවකතා වල තියෙන්නෙත් පත්තරේ නිව්ස් වල තියෙන ජාතියෙම කතා නම් ඇයි සල්ලි දීලා අරගෙන කියවන්නේ? ඇයි මේ මිනිස්සුන්ට වෙනසක් කරන්න බැරි? උදාහරණයක් හැටියට එක සිංහල නවකථාවක් තියෙනවද මුස්ලිම් චරිතයක් කතා නායකයා/නායිකාව වෙච්චි? ඇයි ඒ වගේ උත්සාහයක් කරලා මුස්ලිම් සමාජය ගැන අප නොදන්නා කරුණු ඉදිරිපත් කරන්නේ නැත්තෙ? එක උදාහරණයක් විතරයි කිව්වෙ. තව කොයි තරම් දේවල් තියෙනවද සමාජයේ කතා කරන්න පහළ මධ්‍යම පන්තියෙ හැමෝම දන්නා කතාව ඇරුණාම?

      Delete
    4. පළමු වෙනි ඇනෝ කියන දෙයට මෙයත් එකතු වෙන්න ඕනේ. අත්දැකීම් ඇසුරින් ලිවිම නරක හෝ අමුතු දෙයකුත් නොවේ. හැබැයි ඔබ කියන පරිදි ගොඩක් දෙනාට තියන ගැටලුව එම අත්දැකීමට පාදක වුන කරුණු පාඨකයාට වෙනස් ආකාරයකින් බලන්න ඉදිරිපත් කරන්න නිපුනත්වයක් හෝ ප්‍රතිභාවක් නැති වීමයි. අප සුවිශේෂයි කියන්නේ එම ඉදිරිපත් කරන විදිහ නිසා.වික්‍රමසිංහගේ විරාගයට පාදක වුන පුද්ගලයා ගැන උපන්දා සිට පොතේ තියනවා මට මතක හැටියට. මේ වගේ මිනිසුන් අපත් ඕනේ තරම් දකිනවා, එවැන්නන් ගැන අහල තියනවා. වික්‍රමසිංහ මේ මනුස්සයා ගැන අපට කිහිප ආකාරයකින් බලන්න අවස්තාව උදා කරලා දුන්න. අප එදිනෙදා ජිවිතයේ නොකරන්නේ එයයි. ඉන්පසු විරාගය අනුකරණය කරන්න ගිය කිසිවෙකුට ඒ ප්‍රතිභාව නැති නිසා නිකම් නිසරු කතා ගොන්නක් පමණක් බිහිවුණා. ඔබ කියන පරිදි පසු කාලයේ වඩාත් නිසරු "නිෂ්පාදන" බිහි වන්නේ,ලියන්නන්ගේ ප්‍රතිභාව අඩු වීම නිසා පමණක් නොවේ, දැන් පාඨකයාත් එතරම් උසස් දේවල් හොයන්නේ නැතිත් නිසා.

      Delete
    5. පුද්ගලික අත්දැකීම් පොදු රසාස්වාදයට නැංවීම අසීරු දෙයක්.

      නොදන්නා මුස්ලිම් අය ගේ දෘෂ්ටිකෝණයෙන් ගැන කොහොම ලියන්ද?

      Delete
    6. පොදු අත්දැකීම් ලෙස සාමාන්‍යකරණය කළ හැකි තත්වයේ පෞද්ගලික අත්දැකීම් සාර්ථක නවකතා වනු ඇතැයි යන්න පෙනෙන්නට තිබෙන දෙයකි. තමන් නොදන්නා දෘෂ්ටිකොණයකින් ලිවීම කිසි සේත්ම කළ නොහැකි නිසා එවැනි නවකතාවක් ලිවීමට පෙර මහාචාර්ය නන්දසේන රත්නපාල හිඟන්නන් ගැන ලිවීමේදී කළ ආකාරයට පර්යේෂණයක් සිදු කළ යුතුයි.

      Delete
    7. ඔයි රයිගම් කියල ලියන එකාගේ ලිවිල්ලත් එහෙම එකක්. හරිම වෙහෙසකර, මොනොටොනික් වැලිතලාවක් තරනය කරනවා වගේ රයිගම් හංදිය කියෝනකොට. හන්දියක් කියන්නෙ මාර ඩයිනමික් තැනක්. මුගේ හංදිය හරියට සොහොනක් මැද තියෙන හංදියක් වගේ.

      Delete
  5. දයාවංශ ජයකොඩි එකේම පොත් මාර්කට් කරන්නේ මොකෝ කකා ?
    කකාට පොඩි ගතමන්ට් එකක්වත් ලැබෙන නිසාද කියලත් වෙලාවකට හිතෙනවා :)

    ReplyDelete
    Replies
    1. ඇනෝ

      නොදන්නාකමට, මෝඩකමට එහෙම හිතෙනවා තමයි.

      දයාවංශට මාව සල්ලිවලට ගන්න හැකි යැයි ඔබ සිතනවාද?
      http://kathandara.blogspot.com/2013/09/how-much-would-you-sell-yourself-for.html

      ඔබ කීයකට විතට ආවොත් ද විකිණෙන්නේ?

      Delete
    2. කතන්දරකාරයා පිටුපස ඉන්න පුද්ගලයා බහු ජාතික සමාගමකට දැනටමත් විකිණිලා ඉවරයි කියලා අපි හොයාගෙන තියෙන්නේ.ඔහු බහුජාතික සමාගමක අතකොලුවක් වෙලා ඉවරයි කියලත් අපි හොයාගෙන තියෙන්නේ.

      Delete
    3. @ Anonymous September 9, 2013 at 11:29 AM
      අනේ ඩාලින් කියන්න කෝ අනේ ඒ විස්තර මටත් දැනගන්න.

      කීයකට විකුණුනේ?

      මොකක්ද ඔය කියන බහු ජාතික සමාගම?

      බ්ලොගර් කරන ගුගල් ලා ද?

      Delete
    4. කකාට කරන අනතුරු ඇඟවීමක් කියලා හිතාගන් !

      බුදු දහමට නිගා දෙන තව එක පෝස්ට් එකක් දැම්මොත් මේ සේරම දේවල් ටික මාධ්‍යයට නිකුත් කරනවා.
      බහු ජාතික සමාගමට විකිනිච්ච එක විතරක් නෙමේ කකා Ex- Girl Friend ගේ තුරුලේ ඉදිද්දි හිඩ්න් කැම් එකකින් ගත්ත වීඩියෝ එකත් මාධ්‍යය වලට නිකුත් වෙන දිනය වැඩි ඈතක නෑ කියලා හිතගන්ඩ !

      Delete
    5. මොකක්ද මෙයා අගේ කර කර ඉන්නේ නැතුව අදම දාන්නකෝ.

      මටත් හරිම ආසයි ඔය වීඩියෝ එක බලන්න.

      Delete
    6. ආදර ඇනෝ,

      මෙන්න මං මේ වෙනතුරු දාලා තියෙන බුද්ධාගම, පන්සල් සහ සාදු ලා සම්බන්ධ කතන්දර ලිස්ට් එක.

      මේ මදිද අනේ?

      දැන්වත් ඔය වීඩියෝව ප්‍රසිද්ධ කරන්නකෝ, ප්ලීස්.

      1. බණ, වැදි බණ, බුදු බණ, පොප් බණ සහ අනේ අපොයි බණ
      2. පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
      3. පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....
      4. ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත, බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත - වෙසක් සිතුවිලි :: Wesak thoughts
      5. දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)
      6. චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
      7. බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!
      8. පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)
      9. සිල්වත් සාදු ගේ රහස - Brain drain?
      10. සාදු, සාදු, පොඩි උදව්වක් කරනවද?
      11. පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව
      12. ඊ ලඟ ආත්මේ - හොඳ තැනක ඉපදෙමු...!!!
      13. පොඩි පොඩි විහිළු කතා දෙක තුනක්
      14. සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?
      15. විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?

      Delete
    7. 16. කතන්දරකාරයා මහණ වී හිටි බව එලිදරව් වේ!
      17. බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages
      18. සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
      19. මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems
      20. ඒකෝන් ගේ ලංකා ගමන සහ කතන්දරකාරයා ගේ දෙව් ලොව ගමන - Akon's trip to Sri Lanka and my trip to the heaven
      21. දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!
      22. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය
      23. රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!
      24. බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others
      25. බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept
      26. මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore
      27. ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes
      28. පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd
      29. අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!
      30. ඇත්තටම මේක ලියුවේ කව්ද? මහා ආන්දෝලාත්මක නිර්මාණයක්! - Don't kill the messenger!

      Delete
    8. කකා ගෑනු එක්ක ඉන්න වීඩියෝ අපට මොටද බං? ඔන්න කකා කොල්ලෙක් එක්ක ඉන්න එකක් තියේ නම් දාහං බලලා ආතල් එකක් ගන්න

      Delete
  6. උදේ නැගිට්ට ගමන් බඩ පපුව දාලා ගියා.... මොකද, අද සාහිත්‍ය විචාර කියවන්න වෙන නිසා.... අනේ කකා... ප්ලීස්... කවියක් දාපන් මචන්....

    ReplyDelete
  7. පොත් මාසෙනෙ... පොත් කිහිපයක් ගැනම ලියන්න හිතාගෙන ඉන්නවා... ඒත් තවමත් පොත් නිසාම ඉඩක් ලැබුණෙ නැහැ..

    කතන්දර අයිය‍‍ගෙ සිව් වසරක් මරදානේ පොතත් හරිම රසවත් එක හුස්මට කියවගෙන යන්න පුලුවන් පොතක්... අතීත පාසල් මතක දිග හැරෙනවා.... ඒ ගැනත් මගේ අදහස් ලියා තියන්න ඕන.....

    ReplyDelete
    Replies
    1. මට වෙලා තියෙන්නේ බ්ලොග් එක නිසා පොත් කියවීම අතපසු වීමයි!

      Delete
    2. //මට වෙලා තියෙන්නේ බ්ලොග් එක නිසා පොත් කියවීම අතපසු වීමයි!

      නිල් මැණික් යට ගිහින් ගොමරිටි උඩ ඇවිත්...


      ටිප්පනිය -

      නිල් මැණික් = පොත් කියවීම
      ගොමරිටි = බ්ලොග් ලිවීම

      Delete
  8. කවි ලිව්වා නම් මීට වඩා හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමා.
    කකා තරහා ගන්නේ නැතුව ලියපු විදිහට කවිම ලියන්න පුලුවන් ද ? ප්ලීස් කකා ප්ලීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ......ස්ස්ස්ස්ස්ස් !!!

    ReplyDelete
  9. සාහිත්‍ය මාසෙ නිමිත්තෙන් වාරණය අයින් කිරීම නං හැබෑ ජයග්‍රහනයත්.

    ReplyDelete
    Replies
    1. වාරණය?
      රාජ් කියන්නේ ක්‍ෂණිකව ප්‍රතිචාර පලවීම ගැන නේද?
      ඒක දැනගත්තේ කොහොමෙයි?

      Delete
    2. ඔහ්! මං හිතුවෙ මම කමෙන්ටුව දැම්ම මොහොතෙම පලවුනේ කකා ඒක අනුමත කරන්න මොහොතකට කලින් දාල කියල. නෑ වාරණයක් නෑ.

      වාරණය කියල කියන්නෙ සාමාන්‍යයෙන් නං කැපිල්ලට. ඒක දන්නව. ඒත් අන්තර්ජාල මාධ්‍යයේදී ක්ෂණිකව ගනුදෙණු කරන්න බැරිනම් ඒකත් වාරණයම තමයි. ඕන නං වෙන වචනයක් දාගන්න.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මම පොත කියවල නම් නෑ ඒ වුනාට අචාර්ය විජයානන්ද දහනායක ගාල්ලෙ පාරක ඇවිදගෙන ගිය කියන එක කාලේ හැටියට මහලොකු දෙයක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් දෙපාරක් කියන්ඩ ඕන යෑ

      Delete
    2. මං නං ජීවිතේට දැකලා නෑ මන්තිරි කෙනෙක් පාරක යනවා!

      Delete
    3. වාහනේ පාරෙ අනිත් පැත්තෙ නවත්තලා තිබුනද කියල බැලුවෙ නෑනෙ.

      Delete
  12. "දශක දෙකකට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසය කරන වෘත්තියෙන් ජීව විද්‍යාඥයෙකුවන ආචාර්ය පාලිත ගනේවත්ත ගේ "මාවත අබියස" නවකතාව 2009 දයාවංශ ජයකොඩි නවකථා අත්පිටපත් තරගයෙන් හොඳම නවකතාව ලෙස පිදුම් ලද කෘතියයි. එය නොරටකට ගොස් වාසය කරන සැමට ආඩම්බර විය හැකි කරුණකි. "

    කතාව ඇත්ත. එක පැත්තකින් වටින කතාවක් සහ අනික් පැත්තෙන් ලකුණු දා ගැනීමක්. කොහොම උනත් සාධාරන විචාරයක හැඩ පේනව. කීප් ඉට් අප් කකා..

    ReplyDelete
    Replies
    1. /* නොරටකට ගොස් වාසය කරන සැමට ආඩම්බර විය හැකි කරුණකි. */

      මේ කිව්වේ ඉන්දික වැනි අය ගැන. දැන් අවුරුදු කීයක්ද රට?

      Delete
    2. දසකයක් රට. කකා කීයක්ද එතකොට?

      ප/ලි. මෙහෙ උපන්නත් මගෙ කොළුවටත් හොඳට සිංහල දොඩන්නයි තරමක් කියවන්නයි ඇහැකි. වයසෙ හැටියට ඒ ඇති. ඒත් ඔය ලියන කියන අයගෙ දෙවනි පරම්පරාවෙ තත්වෙ සෝකදායකයි නේද බොහෝ විට?

      Delete
    3. ඇයි මචං . මොකද්ද සෝකේ.
      උඹේ උන් අක්මුල් නැති පාවෙන චරිත කරල උඹ විතරක් ආතල් එකක් ගන්නවා.
      උන්ගෙ ලමයි තනිකර සුද්දෝ වෙලා ඒ රටේ කල්චර් එකට ඉන්ටිග්‍රේට් වෙනවා.
      උන්ගේ ලමයි නිසා උඹේ ආතල් එක කැඩෙනවා. එතකොට උඹ කෙඳිරි ගානවා.
      හරිද?

      Delete
  13. අම්බලන්ගොඩින් පාර්ලිමේන්තු ගිය බුද්ධික කුරුකුලරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා ඉන්න කාලෙත් ගමන් බිමන් ගියේ කෝච්චියෙ (පෞද්ගලික කෝච්චියක නොවේ) කියලයි උන්නැහේ ලක්බිමට ලියපු තීරු ලිපියක ලියලා තිබුණෙ. එහෙව් පාර්ලිමේන්තු මන්ත්‍රීලා උන්නු රටක් ගොයියො මේක.

    ReplyDelete
    Replies
    1. මං නං ජීවිතේට දැකලා නෑ මන්තිරි කෙනෙක් පාරක යනවා!

      දවසක් කැලණිය පන්සලේදී (පෙබරවාරි 4 දාක) ජේආර්ව සහ රනිල්ව දැක්කා.

      Delete
    2. ඉස්සර සීවී ගුණරත්නත් එනව ගල්කිස්සෙ පොළට මල්ලක් අරන් බඩු ගන්න. මිනිහ අනූ හතරෙ මන්ත්‍රී උනාට පස්සෙත් දිගටම ආව. අන්තිමට පාරෙම බෝම්බයකින් කාල මලා.

      පයින් යනව නොදැක්කට ඇමති උනාට පස්සෙත් දොඩංගොඩයි ඩ්‍රයිවරුයි දෙන්න විතරක් ඩබල් කැබ් එකේ යනව මම කීප සැරයක්ම දැකල තියෙනව, ඒත් ගල්කිස්ස හරියෙදිම ගාළු පාරෙ.

      Delete
  14. කකා මේ අවුරුද්දේ,

    එක්සිබිශන් මාසම් බුක් ලිස්ට් සාදම් වර්ගයේ පෝස්ට් එකක් දාන්නේ නැද්ද ? මොකෝ පොත් කියවිල්ල එපා වෙලා ද.

    මෙන්න බුක්ලිස්ට් සාදම් පොර්ස්ට් එකට සබැඳිය....

    http://kathandara.blogspot.com/2012/08/help-me-with-my-book-list-for-september.html

    ReplyDelete
  15. පොත් ලිස්ට් එකට දාගත්තා.. ඒක නෙවේ කකා පරිවර්ථන , විදේශ කෘතීන් ගැනත් පෝස්ට් කීපයක් ලියන්නකෝ.. විදේශ පොත පත , කතුවරුන් ගැනත් දැනගන්න ආසයි...


    ප.ලි. කතුවරි කියලා දැරිවියක් පහු ගිය කාලේ උන්නා නේද ..? ඒ ළමයට මොකද උනේ ? ඇයි දැන් පේන්න නැත්තේ ?

    ReplyDelete
    Replies
    1. කතුවරී අම්මා කෙනෙක් උනා කියලා එයාගේ යාළුවෙක් කිව්වා. ගෙදර වැඩයි ළමයගේ වැඩයි එක්ක වැඩිය නෙට් එන්න වෙන්නේ නෑ ලු.

      Delete
    2. සහන් මල්ලි,මමත් අහන්න හිටපු ප්‍රශ්නයක්.
      කතා කීපයක් ලිව්ව නේද?
      කකා ඉන්න රටේ ළමයෙක් මම හිතන්නෙ.

      Delete
    3. මගේ "මං කියවන ගෑල්ළමයි ලියන බ්ලොග්" ලයිස්තුවේ හිටියා, දැන් සද්දයක් නෑ.

      සයිලන්ට්-සහන් තමයි ඔය හැමෝම ගැනම විස්තර තියාගෙන ඉන්නේ.

      මං දැක්කා මේ ඊයේ පෙරේදාත් කලකින් ලිව්වේ නැති අයගේ බ්ලොග් ගැණ ඬිස්තර දාලා තිබුණා වෙනත් එවැනිම බ්ලොග් එකක.

      Delete
    4. බූවා ගේ සිතුවිලි ලියූ බූවාට මොකද වුනේ කියලා දන්නවද සහන්?

      Delete
    5. බුවා , මොඩර්න් පේට්‍රියා එහෙම බුකියේ රිංගන් ඉන්නේ බුකියට වහ වැටිලා.. අතුරුඅන්තරාවක් වෙලා නෑවිත් ඉන්නවා නෙවේ.. ලිහිණිත් ගියා ගියාමයි තව නෑ!

      නිහාල් ගුරුසිංහ ගැන නම් ආරංචියක් නැහැ. හිරේ විලංගුවේ වත් වැටිලද දන්නෙත් නැහැ. මේ ලඟදි මාවත් තව ටිකෙන් සැකපිට රිමාන්ඩ් වැටෙනවා අල්ලපු ගෙදර නෝනා මහත්තයා අතුරුදහන් වීමක් සම්බන්ධව .

      Delete
    6. ප.ලි. අල්ලපු ගෙදර කිව්වට ඒ ගෙදරත් මගේ තමයි.

      Delete
  16. In some countries not only MPs but ministers and sometimes prime ministers travel alone (and in public transport).
    But, with our 2500 year old culture and civilization, and also being steeped in pure Buddhism, how can we allow our lords and masters to demean themselves like those in uncivilized Western imperialistic countries?

    ReplyDelete
    Replies
    1. In some countries not only MPs but ministers and sometimes prime ministers travel alone (and in public transport) and:
      http://en.wikipedia.org/wiki/Assassination_of_Olof_Palme

      Delete
  17. වැඩ ඉවරවෙලා බ්ලොග් කියවන්න ආවම මේ විචාර දැක්කම අර උඩ ඉන්න ඇනෝ කිව්වා වගේ බඩ පපුව දල යනවා. ඒත් කවිනම් එපෝ...................... පුංචි රස කතාවක් හොඳටෝම ඇති :)

    ReplyDelete
    Replies
    1. උබට මංචි මිල්ක් ශෝට් එකක් දෙන්න ද ?

      Delete
    2. ඒත් කවිනම් එපෝ...................... පුංචි රස කතාවක් හොඳටෝම ඇති :) yes Yes!

      Delete
  18. මට මේ පොත නොකියවා ක.ක.ගෙ විචාරය විතරක් කියවපුවහම ඇති කියලත් වෙලාවකට හිතෙනවා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.